3.8 C
New York

2024 ජනාධිපතිවරණය, තැපැල් ඡන්දයට දින දෙයි

Published:

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04, 05, 06 දින තුනේ පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අනිද්දා (04) දිනයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසි වල නිලධාරීන්ට ද සෙසු රාජ්‍ය ආයතන, පාසැල් සහ අනෙකුත් ආරක්ෂක ආයතන වල නිලධාරීන්ට ලබන 05 වනදා සහ 06 වනදා ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

අදාල දිනවල ඡන්දය පාවිච්චි කිරීම අතපසු වූ අයට සැප්තැම්බර් 11 සහ 12 යන දිනවල තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව ඇත.

මෙවර රාජ්‍ය සේවකයින් 712,318 දෙනෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. එයින් වැඩිම පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 76,977කි.

තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාල වලට බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

Related articles

Recent articles

spot_img