3.8 C
New York

සිල් රෙදි නඩුවේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට නිදොස්කොට නිදහස්

Published:

සුුුප්‍රකට සිල් රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ඔවුන්ට එරෙහි චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය.

ඔවුන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අභියාචනාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.

2015 ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංක ලෙස සාවදය පරිහරණය කිරීමේ ්නා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා වලට වැරදිකරුවන් කිරීමට මහාධිකරණය ලබා දී තිබූ නියෝගය අභියාචනාධිකරණයේ දී අභියෝගයට ලක්කෙරිණි.

මෙම තීන්දුව අද අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී .

Related articles

Recent articles

spot_img