spot_img
spot_imgspot_img

පෙත්සම ඉවතට, ලක්ෂ පහක දඩයකුත් ගෙවන්න වෙයි

පුවත්

විදෙස්

නීතියට පටහැනි බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි ගෙනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම  නිෂ්ප්‍රභ කිරීමට  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද(15) තීරණය කළේය. නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ පහක දඩයක් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට නියම කළේය.

එම මුදල මේ වසරේ ජූලි 31 වැනිදාට පෙර ගෙවන ලෙස පෙත්සම්කරුට නියෝග කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, කිසිදු සාධාරණත්වයක් නොමැති බව පවසමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් නිසි ලෙස සම්මත නොවූ බවට තමන් විශ්වාස කරන බැවින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යටතේ මෙවර ජනාධිපතිවරණයක් පැවැත්වීම අභියෝගයට ලක් කරමින් නීතිඥ අරුණ ලක්සිරි මෙම පෙත්සම ගොනුකර තිබිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!