spot_img
spot_imgspot_img

මෛත්‍රී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා. රෝයල් පාර්ක් සිද්ධියේ ඝාතකයාට සමාව දීම වැරදියි

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්,  රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයේන වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් සමන්තට ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීරණය කළේය.

එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

ජූඩ් සමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ඝාතනයට ලක් වූ මවට සහ පියාට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ‍ගෙවිය යුතු බවටත් නියෝග කෙරිණි.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කළේය.

එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!