spot_img
spot_imgspot_img

කළුතර දිස්ත්‍රික්කයට බර හානි

පුවත්

විදෙස්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (01) දිනය පුරා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇතැයි ද අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම වසා දමා ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඩලිගම අගලවත්ත, මාර්ගයේ දූල්ඇල්ල, ප්‍රදේශය, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හන්දිය, සහ වලගෙදර වත්ත ප්‍රදේශය, මතුගම කළුතර මාර්ගයේ පාන්තිය සහ පාලින්ද නුවර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  බදුරලිය මාර්ගයේ මිදලන, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉංගිරිය හොරණ මාර්ගයේ බෝධිනාගල හන්දිය, යන ස්ථාන මේ වන විට ජලයෙන් යටව පවතී.

ග්‍රාම සේවා වසම් 33 ක  පවුල්  325 ක පුද්ගලයන් 1202 අපදාවට ඇත. කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ  ලුතිනන්  කර්නල්  එම් .ඒ. පී .එස්. පෙරේරා පවසන්නේ ආපදාවට ලක් වූ පුද්ගලයන් වැලිපැන්න බටහිර හොලින් බෝන් ප්‍රජාශලාව, මුස්ලිම් දේවස්ථානය හා බදුගම නව ජනපදය ප්‍රජාශාලාව යන ආරක්ෂිත ස්ථාන  වෙත යොමුකර  ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!