3.8 C
New York

කොරෝනා මරණ 66ක් දක්වා ඉහළට

Published:

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ 05ක් පිළිබඳව අද (17) රාත්‍රියේ ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් කරුණු වාර්තා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ 10 පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගෙනගොස් ඉන් පසු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර සිටිය දී මියගොස් ඇත. ඔහු අධික රුධිර පීඩනය සහ කොරෝනා හේතුවෙන් මියගොස් ඇත.

රත්මලානේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනයයි.

කිරුළපන පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ද නිවසේ දී මියගොස් ඇත. ඇය කොරෝනා ආසාදනය හා අධි රුධිර පීඩනය හා දියවැඩියාව හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා කර තිබේ

කොළඹ 02 දිංචි 81 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නිව්මෝනියා තත්ත්වයකි.

දෙමට ගොඩ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දි මියගොස් ඇති අතර ඔහුගේ මරණට හේතුව ලෙස දක්වා ඇත්තේ දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදන තත්ත්වයයි.

අද (17) දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරණ 05 අතරින් 03 දෙනකුම මියගොස් ඇත්තේ නිවෙස්වල දී ය.

Related articles

Recent articles

spot_img