5.2 C
New York

මුහුද ගොඩබිමට කඩා වදී ? කාලගුණයෙන් රතු නිවේදනයක්

Published:

ඉදිරි පැය 24 දී දැඩි සුළං තත්වයක් ඇතිවිය හැකි බැවින් දැඩි අවධානයෙන් පසුවන්න යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේබ.

දිවයින වටා මුහුදේ දැඩි සුළං තත්වයක් ඇතිවන බැවින් මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවට වඩාත් සැළකිල්ලෙන් පසුවන ලෙස එම නිවේදනයේ සදහන් කර ඇත.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩි වෙන බවත් මුහුද ඉතා රළු වෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මේ නිසා මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා ‍නොකරන ලෙස ද ධීවරයන්ට දැනුම් දී තිබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5 දක්වා ඉහළ යාහැකිය.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

Related articles

Recent articles

spot_img