spot_img
spot_imgspot_img

රනිල් නිසා පොහොට්ටුව දෙකට කැඩෙයි ?

පුවත්

විදෙස්

ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ මත ගැටුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වීමක් දක්වා දුරදිග යමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වනවිට බරපතල ගැටලුවක් නිර්මාණය වී තිබේ.

පක්ෂයේ එක් පිරිසක් පවසන්නේ එම පක්ෂයේ ම නායකයකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි. නමුත් තවත් පිරිසකගේ ස්ථාවරය වී ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම පක්ෂයේ සහයෝගය ලබාදිය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුග පවසන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය විය යුතු බවයි.  

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය සඳහා තරඟ වැදිය හැකි මට්ටමේ අපේක්ෂකයෙකු පොදු ජන පෙරමුණ පක්ෂයේ මේ අවස්ථාව වන විට නොසිටින බැවින් එම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ඇමතිවරු පිරිසක් ද ඔහු හා සමානව ම එම ස්ථාවරය දරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය දා පොහොට්ටු පක්ෂයේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේ දී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය පැන නැගී ඇති අතර  තවමත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැති බැවින් ඒ පිළිබදව දීර්ඝ සාකච්ඡාවක් සිදු වී නැතැයි ද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!