spot_img

පාසල්වලට ආ, අමුතු ටොෆිය ගැන සැකයක්

පුවත්

විදෙස්

මේ දිනවල දිවයිනේ බොහෝ පාසල් දරුවන් අතර ජනප්‍රිය වෙමින් තිබෙන ටොෆි වර්ගයක් පිළිබඳ සෞඛ්‍ය අංශවල සහ පාසල් බලධාරීන්ගේ අවදානය යොමුව තිබේ.

විවිධ රසයෙන් යුතු මෙම ටොෆිය ලබාදෙන්නේ කුඩා ටැටූ ස්ටිකරයක් ද සමගිනි. එම ටොෆිය කටට දමාගත් විට පුපුරා කුඩු වර්ගයක් කටට මුදාහැරෙයි. විවිධ රසයෙන් යුතු මෙම ටොෆි සදහා දරුවන් ඇබ්බැහිවන බව ද මේ වනවිට නිරීක්ෂණය කර ඇත.

මෙය පාසල් දරුවන් අත තිබෙනු දුටු ගුරුවරු රටේ සියලු ප්‍රදේශවලින් අධ්‍යාපන බලධාරන්ට සහ සෞඛ්‍ය අංශවෙත දැනුම් දී ඇති අතර මෙය කිසියම් මත්ද්‍රව්‍යයක් දැයි සැකයක් පවතී.

රුපියල් 60.00ක් වැනි මුදලකට අළෙවි කරන මෙම ටොෆිය දරුවන් අතට පත් නොකරන්න යැයි ‍දෙමාපියන්ගෙන්න ඉල්ලා සිටින බව ගුරුවරු කියති.

ගුරුවරු පවසන්නේ මෙම ටොෆිය ජලයට දැමූ විට ද පුපුරා යන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles