spot_img
spot_imgspot_img

මෛත්‍රී අමාරුවේ ? පාස්කු ප්‍රහාරයේ ප්‍රකාශයට පරීක්ෂණ ඉල්ලයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුදැයි දන්නා බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කරන්න යැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 22 වැනි දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවයි. ඒ සම්බන්ධ තොරතුරු හෙළිදරව් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක් හෝ ඉල්ලීමක් ලැබෙන්නේ නම් තමන් විශේෂ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ කවින්ද ජයවර්ධන මාධ්‍ය හමුවේ මෙසේ කීවේය.

“හිටපු ජනාධිපතිවරයා දැන් නින්දෙන් නැගිටලා වගේ කියනවා පාස්කු ප්‍රහාරය ගැන තමන් දන්නවා කියලා. මේක රහසක් ලෙස තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන් ම රටේ ජනතාව දැනගත යුතුයි. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කරන්න කියලා.”

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද මෙවැනි කතාවක් කීවේය.

“දැන් මැතිවරණයක් ළඟ එනවා. එක මැතිවරණයක් ළඟ එනකොට තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. දැන් පාස්කු බෝම්බේ ගැන කතා කරලා ඒ කතාව බෝම්බයක් කරන්න සූදානම් වෙන්නේ. මේ ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුයි.”

අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අදහස් දක්වමින් මෙසේ කීවේය.

“මේ හදන්නේ මළ මිනී තුළින් නැවත දේශපාලන නාඩගමක් නටන්න. පාස්කු ප්‍රහාරයට තව මාසයකින් අවුරුදු 05ක් සම්පූර්ණ වෙනවා. පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා දැන් කියනවා තමන් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද කියලා දන්නවාලු. අපි ඉල්ලා සිටිනවා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා.”

මේ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිතිවරයා ද ඊයේ (22) තමන් පෙර දින කළ ප්‍රකාශය සම්බන්ධදයෙන් නැවත ප්‍රකාශයක් කළේය.

එහි දී ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය ගැන තමන්ට එම තොරතුරු ලැබුණේ සති තුනකට පමණ පෙර බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඒ ප්‍රකාශය සිදුකළේ. අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී සිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රහසිගතව ප්‍රකාශයක් දෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. විවෘත සාක්ෂියක්  දුන්නොත් අධිකරණයේ… මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්. එක නිසා මේක කිසිදුම දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන ඒවාට ගැවුණ කාරණයක් නෙමෙයි. මම ඉතාම අවංකව සිදුකරන ප්‍රකාශයක්. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!