නෙල්ලිල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් රැගත් බසයක් අනතුරට ලක්වී එක් අයකු මිියගොස් 37 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (16) සවස මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පේරාදෙණිය යහලතැන්න ප්‍රදේශයේ දී ය.
බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් ඇති අතර බසය ගසක වැදී නතර වී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ පූඩළුඔය හාල්පොළ පදිංචිව සිටි 79 හැවිරිදි අයෙකි.
තුවාලකරුවන් පේරාදෙණිය රෝහලට ඇතුළත්කිරීමෙන් පසු බරපතල තත්වයෙන් පසු වූ දෙදෙනකු මහනුවර රෝහල වෙත මාරුකර යවා ඇත.