11.6 C
New York

අලුත් අවුරුද්දට, ඇති තරම් කුකුළු මස්

Published:

ළඟ එන අලුත් අවුරුදු උත්සව කාලයේ දී ප්‍රමාණවත් තරම් කිසිදු හිඟයකින් තොරව, කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදකයන් පොරොන්දු වී ඇතැයි කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙම කර්මාන්තයේ ප්‍රධාන සැපයුම්කරුවන්, නිෂ්පාදකයින් මෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ඔවුන් පවසා ඇත්තේ අවුරුදු කාලයේ දී හිඟයකින් තොරව කුකුළු මස් සපයන බවයි.

දැනට සියලු කුකුළු ගොවිපොළවල  උපරිම මට්ටමෙන් කුකුළන් සිටින බවත් උත්සව සමයේ පමණක් නොව ඉන් අනතුරුව වුවත්  කිසිදු අයුරකින් කුකුළු මස් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කර්මාන්තකරුවන් පවසා ඇත. දැනට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල සලකා බලා මස් කිලෝව රුපියල් 1150.00කට සැපයීමට අපේක්ෂා කරන බවත්, මෙම මිල ගණන්  තවදුරටත් අඩු වේ යැයි අපේක්ෂා කරන බවත් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ කීහ.

Related articles

Recent articles

spot_img