spot_img
spot_imgspot_img

පෙර පාසලේ සිට ලිංගික අධ්‍යාපනය,අලුත් පොත් එළියට

පුවත්

විදෙස්

පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපනික ප්‍රකාශන මාර්තු 7 වැනිදා එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ බොහෝ ගැටලුවලට පදනම වන්නේ ලිංගිකත්වය පිළිබඳ සීමිත දැනුම බව පර්යේෂකයෝ පවසති. ඒම හිදැස පිරවීම සඳහා මෙම අධ්‍යාපනික ප්‍රකාශන ලිංගික අධ්‍යාපන දැනුම වැඩිදියුණු කිරීමේ මූලික අරමුණින් සකස් කර ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය සහ අනුමැතිය යටතේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විසින් සම්පාදනය කර ඇත.

පළමු අදියර යටතේ මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන ඊ ප්‍රකාශන ලෙස ලබාදීමට යෝජිතය. ඒ අනුව සමාජයේ සෑම වයස් කාණ්ඩයකටම ලිංගිකත්වය පිළිබඳ විධිමත් දැනුමක් ලබාදීම තුළින් සමාජයේ මතුවෙමින් පවතින බොහෝ අර්බුද සමනය කර දරුවන් සුරක්ෂිත කළ හැකි බව එම නිලධාරිහු අවධාරණය කළහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, එරාන් වික්‍රමරත්න, කේ.සුජිත් සංජය පෙරේරා, ඉම්රාන් මහරුෆ් යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවල නිලධාරීහු කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!