spot_img
spot_imgspot_img

ඩයනාට රාත්‍රී ආර්ථිකය නැතුවම බැරි වෙයි

පුවත්

විදෙස්

නීතිය වෙනස් කරමින් හෝ රාත්‍රී කාලයේ ආර්ථිකයක් ගොඩනැගීමෙන් රටේ විදේශ විනිමය 70%කින් ඉහළ දැමිය හැකියැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

ඇය මේ බව කියා සිටියේ “ස්ථාවර රටකට සැවෝම එක මඟකට” යනුවෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාක්ඡාවකට එක්වෙමිනි.

සංචාරක ආකර්ශනය වැඩි ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි පවා සංශෝධනය කරමින් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව ද අමාත්‍යවරිය එහි දී සඳහන් කළාය. ඇතැම් පාර්ශව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළත් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටටුකරන බව ද ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය..

ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

“විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි. ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන ප්‍රධාන ස්ථාන අතර වෙරළාසන්න ප්‍රදේශ සහ කොළඹ වැනි නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාදය ලැබීමට අවස්ථා තිබිය යුතුයි. එනිසා එවැනි ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය වැනි විවිධ රටවලින් සංචාරකයන් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට මෙරටට පැමිණ විනෝදාස්වාදය ලැබීමට හැකි ආකාරයට ඇතැම් සීමා සංශෝධනය විය යුතුයි. නිදසුනක් ලෙස ආපන ශාලා විවෘතව තැබෙන කාල සීමාව වෙනස් විය යුතුයි. සංචාරකයන්ට පහසු වන නම්‍යශීලී ප්‍රතිපත්තියක් වෙත අප යොමුවිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!