spot_img
spot_imgspot_img

සරත් ෆොන්සේකා පොහොට්ටුවට ?

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ වන්නේ නම් තම පක්ෂයට ඔහු ඉතාමත් කැමැත්තෙන් එක්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් උපදින විටත් තම පියාගේ විරුද්ධ දේශපාලන මතවාදියා වූ රනිල් වික්‍රමසිංහ පවා දැන් පොහොට්ටුව සමඟ එක්ව කටයුතු කරන බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කී‍වේය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මම උපන් දා සිට මගේ තාත්තා දරණ මතයට විරුද්ධව කටයුතු කළේ. නමුත් දැන් අපි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එකව කටයුතු කරනවා. ඉතාමත් දීර්ඝ කාලයක් විරුද්ධ මත දරපු අපිට එතුමා සමඟ එකතු වෙන්න පුළුවන්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ කටයුතු කරද්දී හමුදාපතිවරයා ලෙස ඔහු සමඟ එකතු වෙලා ජීවිතය පවා පරදුවට තබමින් යුද්ධය අවසන් කරනන් කටයුතු කරපු සරත් ‍ෆොන්සේකාට අපිත් එක්ක එකතුවෙන්න බැරි කමක් නෑ. අපි ඔහුට ආරාධනා කරනවා අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟවෙලා අපිත් එක්ක එකතුවෙන්න කියා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!