spot_img

හිටපු අගමැතිගේ, ඇමති පුතයි-දුවයි නඩුවක පැටලේ

පුවත්

විදෙස්

බහින්බස්වීමක් ආරවුලක් දක්වා දුරදිග යාම හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ පුත්‍රයා වන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ට එරෙහිව ඔහුගේ සොහොයුරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විභාගවන නඩුව ලබන ජුනි 05 වැනි දා විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (21) නියෝග කළේය.

2018 වසරේදී නිවසේ සිදුවූ බහින්බස්වීමකදී ආරවුලක් ඇති වූ බවට අමාත්‍යවරයාගේ සහෝදරිය කළ පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අමාත්‍යවරයාගේ වැඩිමල් සහෝදරියද අධිකරණයේ පෙනී සිටියාය.

අක්කා සහ මල්ලි අතර ඇති වූ සුළු ආරවුලක් වුවත් නඩුව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය අකමැති වීම හේතුවෙන් නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles