spot_img
spot_imgspot_img

දියවැඩියා රෝගීන් අමාරුවේ. බො‍රුවකට රැවටෙයි ?

පුවත්

විදෙස්

තමන් පැවසූ බව කියමින් දියවැඩියා රෝගය සම්බන්ධයෙන්වෙබ් අඩවියක අසත්‍ය ප්‍රචාරයක් යන බවත් එයට නොරැවටෙන ලෙසත් මහාචාර්ය අර්ජුන ද සිල්වා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් Dionica නමැති ඖෂධය සම්බන්ධයෙන් අදහස් පළකර ඇතැයි එම වෙබ් අඩවියේ දක්වා ඇත. මහාචාර්යවරයා පවසන්නේ තමන් කිසිම අවස්ථාවක එම වෙබ් අඩවියට හෝ එම ඖෂධය සම්බන්ධයෙන් හෝ මතයක් ප්‍රකාශ කර නැති බවයි. එම වෙබ් අඩවියේ සඳහන් ව්‍යාජ තොරතුරු අනුව කටයුතු කිරීමෙන් දියවැඩියා රෝගීන් තමන්ට සුදුසු සහ අවශ්‍ය ඖෂධවලින් ඈත් වී අනවශ්‍ය ලෙස වෙනත් ක්‍රමවලට යොමු වී දැඩි අසීරුතාවකට පත්වනු ඇතැයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා පෙන්වා දෙයි. මෙවැනි ව්‍යාජ පළකිරීම්වලින් ජනතාව ප්‍රවේසම් වියයුතු බවත් මහාචාර්යවරයා පවසයි.

තවද මෙම අසත්‍ය පුවත ට තමාව සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් තමා දැනටමත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිළි කර ඇති බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!