අරණායක දිසා රෝහලේ රාජකාරී යෙදී සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කළා යැයි සැකපිට එම රෝහලේ ම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ අතවරයට පත්වූ වෛද්‍යවරියගේ පියා කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලකින් පසු රෝහලේ සේවය කරන 05 දෙනකුගෙන් ද සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුවය.
අද (08) අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය කියයි