spot_img
spot_imgspot_img

කෙහෙළියගේ නම පාසලෙන් ඉවත් කරන්න

පුවත්

විදෙස්

මහනුවර, කුණ්ඩසාලේ, කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික පාසලේ නම ඉවත් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ් මහතා කියා සිටියේ ජීවත්ව සිටින පුද්ගලයන්ගේ නමින් පාසල් නම් කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1996 වසරේ චක්‍රලේකයක් ද නිකුත් කර ඇති නමුත් ඒය උල්ලංඝනය කරමින් මෙලෙස හිටපු පරිසර අමාත්‍ය කෙහෙළියගේ නමින් පාසල නම්කර ඇති බවයි.

නීතිවිරෝධී ඉමියුනෝග්ලොබීන් ප්‍රසම්පාදන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍යවරයාගේ නමින් පාසලක් නම් කිරීම අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

“කෙහෙළිය සමාජයට වැරදි ආදර්ශයක් දීලා, ඔහු හිරේ ගියා. එබැවින් ඔහුගේ නමින් පාසලක් නම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයින්ගේ නමින් පාසල් නම් කිරීමට එරෙහිව වහා පියවර ගන්නා ලෙස රජයට බලකර සිටිනවා”, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

‘මහින්ද රාජපක්ෂ’ නමින් පාසල් නම් කිරීමේදී ද මතභේදයක් මතුවුණු බවත් රාජපක්ෂ පාලන සමයේදී එලෙස පාසල් නම් කිරීම ආරම්භ කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බවත් ස්ටාලින් පැවසීය.

4 COMMENTS

  1. බන්දුලයා තිබුනා ඉස්කෝල වල නම ගහ ගන්න කෑ පතේ රෝගයක්.. අර ලුම්බිනියෙ auditorium එකට මහ පාර අයිනේ බෝඩ් එකක් ගහගෙන ප්‍රදර්ශන කරනවා.. ඒ තරම් ගොබ්බයි ඔය සුදුලූනු හොරා.. මුන්ගෙ නම් පාසැල්වල ට දාපුවම හොඳ ට ඉන්න දරුවොත් හොරු වෙලා තමයි සමාජෙට එන්නෙ.. පුදුම මානසික රෝගියෝ.. අනේ නුවර මිනිස්සු මේ පාර වත් මොලේ පාවිච්චි කරන්න

  2. මහින්ද රාජපක්ෂ කියල ඉස්කෝල කීයක් තිතියෙනවාද ? ඒවායේත් නම් වෙනස් කරන්න ඕන එහෙනම්…මොකද මනුස්සයා තාම ජීවත් වෙනවානේ…

  3. එතකොට C W W කන්නංගර මහා වද්‍යාලය , ඒවාගෙත් නම් වෙනස් කරනවද…
    කෙහෙලියලා වැරදී, ඒ උනාට පාසලක නමක් පෞද්ගලික කෝන්තර මත අයින් කරන්න දෙන්න බෑ… අනික ජෝසප් පොන්නයා කියන විදියට කරන්න ඌ කවුද… දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරපු කාලකණ්නි සක්කිලියා…

    • තාම රාජපස්සලා, රඹුක්වැල්ලට අල්ලනවා. අධ්‍යාපනය කෑවේ පාර්ලිමේන්තුවේ ඉන්න අවජාතක සක්කිලි.
      මුං කරන එ්වට කට වහගෙන හිටියොත් සමහර එවුන්ට වාසියි. ජනතාවට නෙවේ. strike කරන්න ඕන දේට stike කලයුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!