spot_img
spot_imgspot_img

ඉන්දීය නිළියගේ මරණය ප්‍රයෝගයක්?

පුවත්

විදෙස්

ඉන්දිය නිළි පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට පසුගිය සිකුරාදා (02) ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් ලොව පුරා මාධ්‍ය වාර්තාකර තිබුණත් දිනකට පසුව පාණ්ඩේ විසින්ම සිය නිළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළකරමින් සඳහන්කර තිබුණේ තමන්ගේ මරණය ව්‍යාජ ඒකක් බවයි.

ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක කොටසක් ලෙස තමා මියගිය බවට සටහනක් තැබූ බවත් ඒමගින් සිය අනුගාමිකයින් මිලියන 1.3ක පිරිස ගැබ්ගෙල පිළිකා සම්බන්දව කථාබහ කිරීම අරමුණ වූ බවත් පාණ්‌ඩේ පවසයි.

පසුගිය සිකුරාදා දිනයේ, 32 හැවිරිදි පූනම් පාණ්ඩේ නම් රංගන ශිල්පිනිය “නිර්භයව පිළිකාව සමග සටන් කර” මිය ගිය බවට, ඇගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි නිවේදනයක් පළ කර තිබිණි. බොහෝ දෙනෙකු එම සටහන විශ්වාස කර තිබිණි‍; මිනිත්තු කිහිපයකදී බොහෝ පුවත් ආයතන එම පුවත වාර්තා කර තිබූ අතර, එම රංගන ශිල්පිනියගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පූර්ණ ගෞරවයක් පළ කර තිබිණි.

ඇගේ “මරණයෙන්” දිනකට පසු, පාණ්ඩේ වීඩියෝවක් පළ කරමින් පැවසුවේ, ඇය “තමන්ගේ මරණය ව්‍යාජයක්” බවයි. “හදිසියේ ම අපි හැමෝම ගැබ්ගෙළ පිළිකා ගැන කතා කරන්න පටන් අරන්” සිය වීඩියෝවෙහි ඇය පවසන්නේ, ඇයගේ මරණය පිළිබඳ පුවත තුළින් ඉටු කර ගැනීමට හැකි වූ දේ ගැන තමා ආඩම්බර වන බව ය.

මුලිඅවධියේදී හඳුනාගත හැකි රෝග ලක්ෂණ මතු නොවන හෙයින් ගැබ්ගෙළ පිළිකා බොහෝවිට හඳුන්වන්නේ, “නිහඬ මාරයා” ලෙසිනි. පියයුරු පිළිකාවට පසු ඉන්දියාවේ වෙසෙන කාන්තාවන් අතර දෙවන ස්ථානය ගන්නා පිළිකාව ගැබ්ගෙළ පිළිකා ලෙස සැලකේ. එම රෝගයෙන් ඉන්දියාවේ සෑම වසරක ම මිය යන සංඛ්‍යාව 77,000කි.

කෙසේවුවද පාණ්ඩේගේ සටහන සහ වීඩියෝව හරහා ගැබ්ගෙළ පිළිකා වැනි බරපතළ ගැටලුවක් කෙරෙහි අවධානය යොමු කරවීමට භාවිත කරන ලද ක්‍රමවේදය පිළිබඳව පසුගිය සති අන්තයේදී විවාදයක් ඇති විය. මෙවැනි අන්තර්ජාල ප්‍රචාරණ ව්‍යාපෘති වටා ඇති සදාචාරය සම්බන්දව ඒහිදී දැඩි ලෙස කථා බහට ලක්වී තිබේ.

ජනතාව පවසන්නේ මෙවන් පුළුල් ප්‍රචාරණ ව්‍යාපෘති නිර්මාණය කිරීමේදී ආචාර ධර්ම ගැන සැලකිලිමත් විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!