spot_img
spot_imgspot_img

රනිල්ගේ, මැතිවරණ මෙහෙයුම් කමිටුව පත්කරයි

පුවත්

විදෙස්

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙබ්.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය දක්වන අනෙකුත් පක්ෂ සම්බන්ධ කරගනිම්න පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම එම කමිටුවේ කාර්යභාරයයි. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, සිරිකොත  විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර්  එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මේ කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු කළමනාකරණය සම්බන්ධ සැළැස්මක් සකස්කරන ලෙසත් මෙහෙයුම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් තෝරාගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ එම කමිටුවට උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!