0.5 C
New York

කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප

Published:

රෝහල් සේවිකාවකට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට අද (22) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.

රිමාන්ඩ් භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරයා හෙදියන් දෙදෙනකු සමඟ අධිකරණයට පැමිණ සිටි අතර ඔහු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇපමත මුදාහැරිණි.

පසුගිය 17 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවකට වෛද්‍යවරයා විසින් පහරදුන් බවට සැකපිට පොලිසිය විසින් 18 වැනි දා වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (22) දක්වා රිමාන්ඩ් කෙරණි.

රෝහල් සේවකයන් තිදෙනකු තමන්ට පහරදුන් බවට වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා විසින් 17 වැනිදා පොලිසියට කරතිබූ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශනයක් පවත්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක සහ සේවකයන් දෙදෙනකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

තිදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ සිටිති.

Related articles

Recent articles

spot_img