spot_img
spot_imgspot_img

වෛද්‍යවරයාට පහරදුන් සේවකයන් රිමාන්ඩ්

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් කණිෂ්ඨ කාර්යමණ්ල සේවිකාව සහ සේවිකාවන් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් මහීනාථ දහනායක අද (21) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ කොට්ටවගම පදිංචි අනෝමා නිලන්ති සුබසිංහ, අකුරැස්ස දියලපේ පදිංචි සුජීව විජේසිංහ සහ පෝද්දල පදිංචි ප්‍රදීප් ලාල් ජාගොඩ යන තිදෙනාය.

පසුගිය 16 වැනි දා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් එක්ව ක්‍රියාත්මක කරන ලද දීප ව්‍යාප්ත වැඩවර්ජනයට පිළිකා ඒකකයේ කණිෂ්ඨ කාර්ය මණඩලය සහභාගී නොවන බවත් රාජකාරී සඳහා පැමිණෙන බවත් කලින් පවසා එදින වර්ජනයට සහභාගීවීම හේතුවෙන් වාට්ටුව භාර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෛරරා ඔවුන්ට දෝෂාරෝපණය කර තිබිණි. එමෙන්ම 16 වැනි දා රාජාකරී පැහැර හැරි අයට තම වාට්ටුවේ තවදුරටත් සේවයට නොපැමිණෙන ලෙස ද දැනුම් දී තිබිණ. ඉන් පසු රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය අසළ දී කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් වෛද්‍යවරයා සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබූ අතර 17 වැනි දා දිනයේ දී වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ රෝහල් සේවකයන් විසින් තමන්ට පහරදුන් බවයි.

මේ අතර රෝහල් සේවිකාවකට වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා පහරදුන් බව පවසමින් එම සේවිකාව රෝහල්ගත වූ අතර ඒ සමඟ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් එදින සවස ම උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

පසුදින (18) වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කළ විට එම වෛද්‍යවරයා 22 වැනි දා දක්වා රිමාන්ඩ් කෙරිණි.

වෛද්‍යවරයාගේ පැමිණිල්ල අනුව මූලික පරීක්ෂණ පැවැත්වූූ පොලිසිය විසින්, අද (21) සැකකාර සේවිකාව සහ සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!