spot_img
spot_imgspot_img

තොරතුරු තාක්ෂණ උද්‍යානයක නමින්, කෝටි ගණන් මුදල් කාබාසිනියා කරලා

පුවත්

විදෙස්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි

සූරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කර ඇති, යෝජිත තොරතුරු තාක්ෂණ උද්‍යාන ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 366කට අධික මුදලක් (රුපියල් 366,109,215.00ක්) වැයකර ඇතත් එම ගොඩනැගිල්ල මේ වනවිට සුදු අලි ව්‍යාපෘතියක් බවට පත්ව ඇත.

මෙය ශ්‍රී ලංංකාවේ ජාතික ධනය අපතේ යැවූ තවත් ව්‍යාපෘතියකි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා යෝජිත වූ මෙම තොරතුරු තාක්ෂණ උද්‍යාන ගොඩනැගිල්ල පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ කරන ලද විමසීමකිනි.

ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා වෙළෙඳ පොළක් සහ තොරතුරු තාක්ෂණ පුහුණු මධයස්ථානයක් ඇති කිරීමේ අරමුණින් මෙම උද්‍යානය ඉදිකරන බව පවසමින් 2014 අගෝස්තු මස 21 වැනි දින මුල්ගල තබන ලදී. ඒ මහින්ද රාජපක්ෂ රජය යටතේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ බව පවසමිනි.

ඉන් අනතුරුව වසකර පමණ කාලයක දී මෙම ව්‍යාපෘතිය අතරමඟ නතර කර ඇති තර පසුව 2016 වර්ෂයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවයට විසඳුමක් ලබාදීමට මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට 2016 පෙබරවාරි 20 වැනි දින එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූයේ ය. එම චාරිකාවට එවකට අමාත්‍යවරයකු වූ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය වර්තමාන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන දෙදෙනා ඇතුළු ඇමතිවරු කිහිප දෙනකු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ. එමෙන් ම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භාරව කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් ද ඊට එක්ව සිටියේය. නමුත් මේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව ද එම ගොඩනැගිල්ල ඉදිකිරීම නැවත ආරම්භ වූයේ නැත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් 2022.11.21 දිනැතිව ඉල්ලා සිටි තොරතුරු 2022.12.08 දින ලබා දුන් අතර එම තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද සහිතව ආරම්භ කර තිබෙන බවත්, මෙම  ප්‍රදේශයේ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කළ ආකාරයට ආරම්භවී ඇති බවත්, එය තොරතුරු තාක්ෂණ උද්‍යානයෙන් අපේක්ෂිත විවිධ ආදායම් උත්පාදක හැකියාවක් කෙරෙහි අහිතකර අන්දමට බලපා ඇති බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් නිරීක්ෂණය කර තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබෙන බවත් අදාළ තොරතුරු මගින් අවධාරණය කර තිබේ.

කෙසේ  නමුත් අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු සිදුකළ කොන්ත්‍රාත් සමාගම වන Tudawe Brothers (PVT )Ltd වෙතින් ද මෙම ව්‍යාපෘතියේ  ඉදිකිරීම් මඟ නතරකිරිම සම්බන්ධයෙන්  තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප විමසීමක් කළ අතර එහිදී එම සමාගම කියා සිටියේ අධිකරණයේ නඩුවක් පවතින බැවින් එම තොරතුරු ලබා දිය නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ද අවධාරණය කළේ අදාළ සමාගම සමඟ ඇතිකරගත් කොන්ත්‍රාත් ගිවිසුම අවසාන කර ඇති බවත් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් පවතින බැවින් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම ලබාදිය නොහැකි බවයි.

කෙසේ නමුත් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීම වෙනුවෙන් රටේ ජාතික ධනය මෙවැනි  සුදු අලි ව්‍යාපෘති වෙනුවෙන් යට කිරීමේ  අනිසි ප්‍රතිවිපාක ආර්ථික අර්බුදයක් වෙසින් පැමිණ තිබේ. නමුත් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් එදා අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු අද වනවිටත් කැබිනට් මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි.

මෙවන් තත්වයක් හමුවේ මේ ආර්ථික ඝාතනය වෙනුවෙන් වග කිවයුත්තන්ට එරෙහිව තීන්දු තීරණ ගැනීමට සිදුවන්නේ ජනතාවට පමණක් බව ජනතාව විසින් පසක් කරගත යුතු ය.

මෙ ලිපියේ මුල් පිටපත ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වාගෙන යන RTI Sri Lanka වෙබ් අඩවියේ පළවිය. එහි සබැදිය පහතින්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!