spot_img
spot_imgspot_img

රටට ගැටලුවක් වූ, සිරකරුවන් නඩත්තුවට කෝටි 4000ක්

පුවත්

විදෙස්

සිරකරුවන් නඩත්තු කිරීම සඳහා ගත වූ වසර 05ක කාලයේ දී රුපියල් කෝටි 4,000කට අධික මුදලක් වැයකර ඇතැයි විගණන වාර්තාවක සඳහන් වී ඇත.

ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති මෙම වාර්තාවේ දැක්වෙන්නේ ආහාර, ජලය, විදුලිය, සිරකරුවන්ගේ ඇඳුම් ඇතුළු පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් ලෙස මෙම මුදල වියදම් කර ඇති බවයි. 2017-2022 ත් අතර වසර 05ක කාලයේ දී මෙම මුදල් වියදම් කර ඇති අතර 2022 වර්ෂයේ දී පමණක් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 830කි.

විගණන වාර්තාවට අනුව 2015 වර්ෂයේ සිට සෑම වර්ෂයක දී ම සිරකරුවන්ගේ ධාරිතාව ඉහළ ගොස් තිබේ. එය පමත සඳහන් පරිදි දක්වා ඇත.

වර්ෂයසිරකරුවන්ගේ ධාරිතාව වැඩිවීම
2015146%
2016149%
2017168%
2018199%
2019213%
2020147%
2021139%
2022232%

විගණන වාර්තාවේ දැක්වෙන්නේ බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා රැඳවූවන් වැඩිවීම හේතුවෙන් බන්ධනාගාරවල සනීපාරක්ෂක පහසුකම් ලබාදීම ද ගැටලුවක් වී ඇතැයි ද විගණන වාර්තාවේ දක්වා ඇත.

දැනට බන්ධනාගාරවල ඇති වැසිකිළි 287ක් අලුතැවැඩියා කළ යුතු බවත්, බන්ධනාගාර 27කට වැසිකිළි 187ක් ඉදිකළ යුතුව ඇතැයි ද පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!