spot_img
spot_imgspot_img

පෙම්වතාගේ දියණියගේ අසභ්‍ය ඡායාරූප හැදූ, පෙම්වතියට ඇප

පුවත්

විදෙස්

ප්‍රේමය නතර කළා යැයි කුපිත වූ පෙම්වතිය විසින්, පෙම්වතාගේ බාලවයස්කාර දියණියගේ මුහුණ යොදා අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගමක සාමාන්‍යාධිකාරීවරියක රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ විසින් ඊයේ (28) මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ තේ අපනයන සමාගමක පරීක්ෂණ සහ සිද්ධි සම්බන්ධීකරණ විධායක සාමාන්‍යාධිකාරිනියකි. ඇය කළගෙඩිහේන ප්‍ර‍දේශයේ පදිංචි කාන්තාවකි.

එම සමාගමේ ම සේවයේ නිරත විධායක ශ්‍රේණියේ පුද්ගලයකු සමඟ ඇය කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත. එම පෙම්වතා විසින් සම්බන්ධතාව නතරකර දැමීම සම්බන්ධයෙන් කෝපයට පත් පෙම්වතිය ඔහුගේ 07 හැවිරිදි දියණියගේ මුහුණ අසභ්‍ය ඡායාරූපවලට එකතුකර ඒවා වට්ස් ඇප් සහ ඊමේල් මගින් පෙම්වතාට යවා තර්ජනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අදාළ කාන්තාවට ඇප නියම කළ අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!