spot_img

කුසල් මෙන්ඩිස්ට, විනය චෝදනා

පුවත්

විදෙස්

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පියවර ගැනීමට සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳන් කරයි.

පසුගිය දා ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලියේ දී එස්එස්සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර තරඟයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගියේය.

ජෙෆ්රි වැන්ඩසේ එවූ පන්දුවකට කුසල් මෙන්ඩිස් එල්ල කළ පහර සඳුන් වීරක්කොඩි විසින් උඩපන්දුවක් ලෙස රැකගැනීම හේතුවෙන් දැවීගිය කුසල් ඉන් කුපිත වී බ්ලූම්ෆීල්ඩ් පිටියේ ඇති ක්‍රීඩාගාරයේ දොරකට පහර දී හානිකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ලිඛිත පැමිණිල්ලක් සිදු කර ඇති අතර තරග තීරක වාර්තාව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හමුවට ඔහු කැඳවා මේ සම්බන්දයෙන් විනයානුකූළ කටයුතු සිදුකරනු ඇතැයි ද පැවසේ. ඒ අනුව ඔහුට ජාත්‍යන්තර තරගයක් හෝ දේශීය තරග කිහිපයක තහනමක් පැනවීමට ඉඩ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles