spot_img
spot_imgspot_img

දෙවියන් පෙන්නා මිනිසුන් රැවටූ කතරගම තවත් කපුවෙක් ගැන පරීක්ෂණ

පුවත්

විදෙස්

කතරගම දේවාලයට පූජා කරන ලද මුදල් සහ රත්තරන් භාණ්ඩ නිවසට රැගෙන ගිය තවත් කපුවකු ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඔහුට දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබිණි. ‍පොලිස් වංචා විමර්ශන ඒකකය මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් මෙම පැමිණිල්ල ද කර ඇත. ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ 2022 ජූලි 29 වැනි දා සිට කපු ධූරය අත්හිටුවා දේවාලයට ඇතුළුවීම තහනම් කළ කපුවෙකු විසින් මෙම භාණ්ඩ සහ මුදල් සොරකම් කර ඇති බවයි. නොවැම්බර් 13 වැනි දා සිට දෙසැම්බර් 13 වැනි දා දක්වා මාසයක කාලයක් ඔහු දේවාලයේ තේවාවට බලහත්කාරයෙන් ඇතුළු වී තේවාවට සම්බන්ධ වී ඇතැයි ද පැවසේ.

මසකට රුපියල් කෝටි හතරත්, පහත් අතර වටිනාකමකින් යුත් මුදල් හා රන් ආභරණ දේවාලයේ තේවාව කරන කපු මහතකුට ලැබෙන බවත්, තේවාවෙන් පසුව පසුගිය මාසයට අදාළව රුපියල් ලක්ෂ දහයක් වැඩතහනමට ලත් කපුවා විසින් දේවාලයේ ගිණුමට තැන්පත් කර ඇතැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු කරගෙන යාමට නොහැකි ලෙසින් බරපතළ ගණයේ විෂමාචාර ක්‍රියාවක් සහ විනය විරෝධී ක්‍රියාවක් කර ඇති බැවින් මෙම වැඩතහනම ක්‍රියාත්මක කළ බව බස්නායක නිලමේවරයා පසුගිය වස​රේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!