spot_img
spot_imgspot_img

“විදුලිය විසන්ධිවීමේ වගකීම අපි භාරගත්තේ නෑ. මහජන උපයෝගීතා කොමිසම කීවේ බොරු” – ලංවිම

පුවත්

විදෙස්

රටපුරාම විදුලිය විසන්ධිවිමේ සිද්ධියට ලංකා විදුලි බල මණ්ඩලය වගකිව යුතු බව එම මණ්ඩලය විසින් පිළිගෙන ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සබාව කර ඇති ප්‍රකාශය සාවද්‍ය බවත්, එය ප්‍රතික්ෂේප කරන බවත් ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත විසින් මේ නිවේදනය නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ 2023-12-09 වැනිදා රට පුරාම විදුලිය බිඳවැටීම සම්බන්ධව සිදු කරනු ලැබූ විමර්ශන දෙකක් ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයකුගේ සභාපතිත්වයෙන් අභ්‍යන්තර විමර්ශන කමිටුව පත්කර ඇති අතර එහි දී එම කමිටුව විසින් විදුලිය බිඳවැටීම සම්බන්ධයේන හේතු වූ මූලික කරුණු අධ්‍යයනය කිරීම, එම සිද්ධියට අදාළව නිලධාරී සහ සේවක මණ්ඩලයේ ක්‍රියාපටිපාටිය අධ්‍යයනය කිරීම හා ඉදිරයේ දී මෙවැනි සිදුවීම් නොවීට අවශ්‍ය ක්‍රියාමාර්ග හා නිර්දේශ ඉදිරිපත් ිකරීම යන කරුණු කෙරෙහි අවධානය යොමුකිරීමට නියමිත බවයි.

එමෙන් ම විදුලිබල ා බලශක්ති අමාත්‍යාංශය විසන් ද බාහිර විමර්ශන කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන්ගේ හා මාහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පතකර ඇති අතර ඔවුන් ද කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර ඇතැයි ද එම නිවේදනයේ දක්වා තිබේ.

මෙම විමර්ශන කටයුතු අවසන් කර අදාළ කමිටුවලින් ලබාදෙන තිරණ පිළිබඳ ඉදිරියේ දී ඔබ දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!