ජංගම දුරකථනයක් මිල දී ගන්නේ නම් එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක් ද යන්න තහවරු කරගන්න යැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසන්නේ කෙටි පණිවිඩයක් යොමු කිරීම හරහා එය තහවරු කරගත හැකි බවයි. ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැක.