4.1 C
New York

“රනිල්ට දිනන්න බෑ, ඒ නිසා මම එනවා” විග්නේෂ්වරන් කියයි

Published:

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය ලැබිය නොහැකි බැවින් දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවකින් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් තමන් තරඟ කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේෂ්වරන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.   දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව අපේක්ෂකයන් ඉදිරිපත් කරනවාට වඩා පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වඩා සුදුසු යැයි ද හෙතෙම පැවසීය.

ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමන් යැයි ද ඔහු කීවේය.

ඔහු පවසන්නේ දකුණු ප්‍රදේශ නියෝජනය කරන ප්‍රධාන අපේක්ෂකයන් 04 දෙනකු තරඟයට පිවිසිය හැකි බැවින් කිසිම අයකුට ඡන්දවලින් 505ක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි.

Related articles

Recent articles

spot_img