spot_img
spot_imgspot_img

තෙල් අර්බුදයක් යළිත්, සිපෙට්කෝ ෂෙඩ් වැසී යයි ?

පුවත්

විදෙස්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පාලනය වන සිපෙට්කෝ ඉන්ධන හල් සියල්ල බන 25 වැනිදාට පසු වසා දැමීමට සිදුවනු ඇතැයි ඉන්ධින හල් හිමියන් විසින් පිහිටුවාගෙන ඇති, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

රටපුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 238ක් තිබේ.

ඉන්ධන බෙදාහැරීම වෙනුවෙන් ඉන්ධන හල් හිමියකුට ලැබෙන්නේ 2.75%ක කොමිස් මුදලකි. එයින් 35ක මාසික බෙදුම්කාර ගාස්තුවක් අලුතින් අයකරගැනීමට සංස්ථාව තීරණය කර ඇත. එම මුදල ලබන 25 වැනි දා ට පෙර ගෙවා නිම කරන ලෙසත් එසේ නොකළහොත් එදින සිට ඉන්ධනහල් වෙත තෙල් නිකුත් නොකරන බවත් ලිඛිතව දැනුම් දී ඇතැයි එම සංගමය පවසයි.

ඉන්ධන හල්වලට මේ වනවිට හිමිවන කොමිස් මුදලින් සියයට 0.25ක් මාසික පරිහරණ ගාස්තු ලෙස සංස්ථාව අයකර ගන්නා බවද, ඊට අමතරව තවත් මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීම අසාධාරණ බව ද, මෙම අයකිරීම යෝජනා වූයේ 2006 වසරේ වුවත් 2014 වසරේදී ක්‍රියාත්මක කිරීමට කළ සාකච්ඡාවලින් පසුව මෙන්ම 2021 වසරේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවලංගු වූ බව ද එම සංගමය පවසයි.

එසේ තිබියදී අංක 1053 දරන චක්‍රලේඛය ප්‍රකාරව දැනට ඉන්ධන හල් වෙත හිමිවන  2.75% ක කොමිස් මුදලින් 35%ක් අයකර ගැනීමට සංස්ථාව තීරණය කර ඇත.

මීට අමතරව ඉන්ධනහල් හිමියන් විසින් සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල්ද මාසික වාරික 12කින් ගෙවා අවසන් කරන ලෙස දැනුම් දී තිබේ.

සංස්ථාව කිසිම පිරවුම් හලක් කල්බදු ගිවිසුම් ප්‍රකාරව ලබාදී නොමැති නමුත් බෙදුම්කරුවන්ට කල්බදු කුවිතාන්සි නිකුත් කිරීම තවත් අර්බුදයක් නිර්මාණය කර ඇත.

මේ නිසා මෙම තීරණය වෙනුවෙන් නීතිමය ආවරණයක් ලබා ගැනීමට සංගමයට සිදු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!