spot_img
spot_imgspot_img

මහා නායක හිමිවරු හමුදා ආරක්ෂාව ඉල්ලති

පුවත්

විදෙස්

මිහිනලය ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ සිදුකරන ඉදිකිරීම් සදහා යුද හමුදාව යොදවන්න යැයි මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් යවමින් ඉල්ලා සිටිති.

මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියන් මෙම ලිපියට අත්සන් තබා ඇත.

එම ලිපියේ දැක්වෙන්‍නේ මිහින්තලා පූජා භූමිය තුළ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම අඛණ්ඩව සිදු කළ යුතු බවත්, දැවැන්ත භූමි භාගයක් පුරා විසිරී ඇති ආරාම සංකීර්ණ, ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මේන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ නිසි මැදිහත් වීම නිරන්තරයෙන් ලබා දිය යුතු බවත් මෙහි ලා අවධාරණනය කරනු කැමැත්තෙමි.

මුදල් පිරහරණය දස අකැප කරුණක් බව දේශනා කර තිබිය දී මුදල් විදුලි බිල් ගෙවීමට මුදල් නොමැතියැයි කියමින් මුදල් සිඟමනේ ගිය මිහිනතලා පුද බිමේ විහාරාධිපති හිමියන්, පසුගිය දා තමන් වහන්සේ ඝාතනය කිරීමට යුද හමුදාවේ කිසියම් පිරිසක් කටයුතු කරන බව පැවසීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම පුද බිමේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සියලු හමුදා සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඉවත්කරගන්නා ලදී.

එහි දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආරක්ෂාවට යැයි කියා හමුදාව ඉල්ලාගන්නා විහාරාධිපති හිමියන් යුද හමුදාවෙන් සහ සිවිල් ආරක්ෂකයන්ගෙන් වහල් සේවා ලබාගන්නා බවයි.

පසුගිය දා යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වූ මිහින්තලා විහාරයේ විහාරාධිපති හිමියන් කියා සිටියේ යුද හමුදාව ඉවත්කර ගැනීම හේතුවෙන් දිනපතා මිහින්තලේ ස්ථාන කිහිපයක පැවැත්වූ තේවාව පවා කරගැනීමට නොහැකි වී ඇති බවයි.

නමුත් එවැනි තේවාවක් පැවැත්වීම නිර්මල බුදු දහමේ ඇති පුද පූජාවක් නොවේ. තේවාව යනු හින්දු ආගමේ බලපෑමත් සමඟ එම කෝවිල්වල පැවැත්වෙන දෛනික පුද සිරිතක් බුදු දහමට ද එකතුකරන ලද අවස්ථාවකි.

මෙවැනි තත්වයක් තුළ මිහින්තලේ ආරක්ෂාව සඳහා යුද හමුදාව යළි ලබාදෙන්න යැයි මහා නායක හිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

1 COMMENT

  1. ඔය බබහුතරයක් ගෝස්තරවාදී අවස්ථාවාදී කණ්ටසූත්තර කාරයන් මිස රටට ශාපයක් මිස අන කවර සේවයක් කළවුන්ද?.
    එදා ඕනෑම අසරණ අහිංසක දුගියාගේ සිට රාජ රාජ මහාමාත්‍යාදීන් මහ සිටුවරුන් දක්වා කිසිදු භේදයකින් තොරව බුදුන් දැක ගැනීමට හැකියාව, දන් පිළිගැන්වීමට අවවාද උපදෙස් ලබාදීමට හැකියාව තිබිණි.
    නමුත් අද, මහා ලොකුයි කියාගන්නාවුන් ඔක්කෝම මේ රට වනසන්න ඍජුව හෝ වක්‍රව උඩගෙඩි දුන් හෝ දෙන එව්වන් මිස අන් කවුරුද?.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!