spot_img
spot_imgspot_img

කටයි, නාසයයි වහගන්න. යළි කොරෝනා වසංගතයක්

පුවත්

විදෙස්

ලෝකය පුරා ඉතාමත් වේගයයෙන් පැතිරයමින් පවතින නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණීමට හැකියාව ඇති බැවින් ‍නැවත වතාවක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇතැයි කොරෝනා වසංගතය පිළිබඳ මෙරට සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

ඔහු පවසන්නේ සෙම් සොටු ගැලීම්, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස, අධික හිසරදය ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම අවශ්‍ය බවයි.

දැනට ඇති කොරෝනා ප්‍රතිශක්තිය මඟහැර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 JN. 1 නව ප්‍රභේදය අසල්වැසි ඉන්දියාවෙන් ද වාර්තා වී තිබේ.

පසුගිය දෙසැම්බර් 03-09 කාලයේ දී සිංගප්පූරුවෙන් කොරෝනා රෝගීන් 56,043ක් වාර්තා වී ඇති අතර ඊට පෙර සතියේ රෝගීන් 32,035ක් වාර්තා වී තිබිණි. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ මෙය කොරෝනා වසංගතයේ කැපී පෙනෙන වර්ධනයක් බවයි.

පසුගිය 10 වැනි දා වනවිට අවම වශයෙන් රටවල් 40කින් පමණ මෙම නව ප්‍රභේදය වාර්තා වී තිබූ ‍බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

චීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව චීනයේ ආසාදන තත්ත්වය අඩු වසංගත මට්ටමක පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ දැන ඇති කොරෝනා ගෝලීය දත්ත අනුව කොරෝනා වසංගතය ගෝලීය නිරීක්ෂණය අවශ්‍ය මට්ටමේ සිට අවදානය යොමුකළ යුතු මට්ටම දක්වා වර්ධනය වී තිබේ.

එක්සත් ජනපදයෙන් ද කොවිඩ් 19 සහ අනෙකුත් උණ රෝග සඳහා රෝහල්ගතවීම් වැඩි වී ඇති අතර යාවත්කාලීන කරන ලද දත්තවලට අනුව,දෙසැම්බර් 09න් අවසන් වූ අඛණ්ඩ සිව්වන සතියේදී කොවිඩ් 19 රෝහල්ගත කිරීම් 23,432 දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ප්‍රාන්තයේ වෛද්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කළ අතර සෞඛ්‍ය ඇමැති මා සුබ්‍රමනියම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ අසල්වැසි කේරළයේ රෝගීන් වැඩිවීම පිළිබඳ කලබල නොවන ලෙසයි.

කර්නාටක ප්‍රාන්තය මේ වන විට කොවිඩ් -19 සක්‍රීය රෝගීන් 58ක් වාර්තා කර ඇති බව සෞඛ්‍ය ඇමැති දිනේෂ් ගුණ්ඩු රාඕ ප්‍රකාශ කරතිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!