මළ අපද්‍රව්‍යවලින් කොරෝනා රෝගීන් සිටින තැන් සොයන ක්‍රමය

0
205

කොරෝනා වයිරසය පැතිරෙන ස්ථාන පිළිබඳව සාක්ෂි සොයාගැනීම සඳහා මළ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ලොවපුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක කරන බව පර්යේෂකයෝ පවසති.

එමගින් ආසාදිතයන් වැඩිවන ස්ථාන කල්තියා හඳුනාගැනීමට බලාපොරොත්තු වන බව ඔවුහු පවසති.

රෝහල්, රැකවරණ නිවාස හා පාසැල් වැනි වැඩි පිරිසක් ගැවසෙන ස්ථාන වල මළාපවාහන පද්ධති පරීක්ෂා කිරීමේ උපායමාර්ගයක් මේවනවිටත් අනුගමනය කරන බවත් එය බොරෝදුරට සාර්ථක වී ඇති බවත් පර්යේෂකයෝ පවසති.

වයිරසය මූලික වශයෙන් මුඛයෙන් හා නාසයෙන් පිටවන බිඳිති හරහා පැතිරෙන අතර එය මිනිස් අපද්‍රව්‍ය හරහාද පිටවිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙසේ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීම ලාභදායී ක්‍රමක් වන අතර ආසාදිතයන් හඹා යෑමේදී දහස්ගනනක පිරිසක් පරීක්ෂා කිරීමට වඩා සරල ක්‍රමයකි. පර්යෙෂකයන් පවසන්නේ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීම නිතර නිතර කළ හැකි බවයි.

පසුගිය මාසයේදි ලන්ඩනයේ පාසැල් 20ක මළඅපද්‍රව්‍ය නියාදි එකතුකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

මෙය බාරව කටයුතු කළ කැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ෆ්‍රැන්සිස් හසාර්ඩ් පැවසුවේ ” අප උත්සාහ කරන්නේ යම් ස්ථානයක රෝගීන් වැඩිවීමට පෙර හඳුනා ගැනීමයි. මෙය සැබවින්ම ප්‍රබල සාක්ෂියක්,” යනුවෙනි.

මෙම ව්‍යාපෘතිය පාසැල් 70ක් දක්වා පුලුල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුහු පවසති.

මෙය පර්යේෂණ මට්ටමේ පවතින ව්‍යාපෘතියක් බවද ඔවුහු පවසති.

ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක ද රැකවරණ නිවාස කිහිපයක ද මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රයාත්මක වන අතර එහිදී එම ස්ථාන වලින් බැහැර කරන අපජලය පරීක්ෂා කිරීම සිදුවේ.

අගෝස්තු මාසයේදි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මලාපවාහන පද්ධතියක් පරීක්ෂා කිරීමේදී කොරෝනා වයිරස හමුවී ඇති අතර නේවාසික සිසුන් කොරෝනා පරීක්ෂණයට ලක්කළවිට දෙදෙනකු ආසාදිත බව හඳුනා ගැණින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here