කරන්දෙණියේ රෝගීන් 06ක් නිසා ගම් කිහිපයකට සංචරණ සීමා

0
201

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (13) කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීම හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් හතරක් හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ ඌරගස්මංහන්දිය දකුණ, ඌරගස්මංහන්දිය උතුර, වල්ඉඟුරුකැටිය හා යටගල නමැති ග්‍රාම නිලධාරී වසම් බව පොලිසිය පවසයි.

මෙම ගම්මානයන් හි පදිංචි ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සඳහා යොමුකිරීමෙන් පසු එම සංචරණ සීමා ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අංශ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here