spot_img
spot_imgspot_img

පොලිසිය පච වෙයි. කවියා දින 600කින් නිදොස්කොට නිදහස්

පුවත්

විදෙස්

කවි පොතක් ලියා පළ කර ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන අත්තෝනමතිකව දින 600කට ආසන්න කාලයක් සිරගත කරනු ලැබ තිබූ කවියෙකු සහ ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම් අද දින (12) නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය හේතුවක් කරමින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූව ද ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වී නැතැයි පුත්තලම මහාධිකරණය තීරණය කර ඔහු නිදහස් කිරීමට කටයුතු කළේය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ ජසීම්ගේ ලැප්ටොප් පරිගණකය සහ නවරසම් කෘතියේ පිටපත් 100ක් නිදහස් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි සංජය විල්සන් ඉල්ලා සිටියේය. එහි දී අධිකරණය කියා සිටියේ නඩු භාණ්ඩ ලෙස එවැනි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නැති බවයි.

උසාවි නියෝගයේ පිටපතක් ලබාගෙන ඒවා තිබෙන තැනකින් නිදහස් කරගන්නා ලෙස ද අධිකරණය ජසීම් වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත් වසර දෙකකට ආසන්න කාලයක් සිරගත කර තැබූ අහ්නාෆ්ට කෘෘර ලෙස සැලකූ බවට වාර්තා පළ වී තිබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි දෙන්නැයි තමන්ට බලපෑම් කළ බව ද ඔහු අධිකරණයේ දී මීට ඉහත දී ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!