spot_img
spot_imgspot_img

වසර 108කට පෙර සිදු වූ ඝාතනයක් ගැන රනිල් සොයයි. ඉන් පසු සිදු වූ ඝාතන අමතකයි ?

පුවත්

විදෙස්

1915 දී සිදුවූ සිංහල මුස්ලිම් කෝලාහලයේ දී යධ අධිකරණයක් මගින් වරදකරු බවට පත්කර මරණ දණ්ඩනයට පත්කරන ලද හෙන්රි පේදිරිස්ගේ ඝාතනය සම්බන්ධයේන පරීක්ෂණයක් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

වසර 108ට පසු මෙම මරණය ගැන සොයාබැලීමට පත්කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකි.

වර්ෂ 1915 දී වනදා එවකට 27 හැවිරිදි වියේ පසුවූ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් යුද අධිකරණයක් හමුවට පමුණුවනු ලැබීය. ඔහු එම අධිකරණයෙන් වරදකරු කළ පසු  හෙන්රි පේද්‍රිස් විසින් ඉදිරිපත් කළ කිසිදු අභියාචනාවක් නොසලකා මරණ දඬුවමට ලක්කිරීම තවත් විශේෂත්වයකි.

1915 ජූලි 07 වැනි දා වෙඩි තබා ඝාතනය කෙරුණු හෙන්රි පේද්‍රිස්ගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවෙකු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය සිදුකර ඇත.

ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කරගනිමින් එතුමාට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

හෙන්රි පේදිරිස් ඝාතනය කිරීමෙන් අනතුරුව මෙරට දී සිදු වූ ඝාතන රැසක් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් නොකරන ජනාධිපතිවරයා ඇතුළු රජය හදිසියේ ම හෙන්රි පේදිරිස් ගැන සෙවීම ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!