spot_img
spot_imgspot_img

“ලන්ච් ෂීට්” එපා

පුවත්

විදෙස්

“ලන්ච් ෂීට්” තහනම් කිරීමට පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශක අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත නිර්දේශ කර තිබේ.

ලන්ච් ෂීට්වල ඇති “තැලේට්” නමැති පිළිකාකාරකය පිළිබඳවත්, ලන්ච් ෂීට් ස්වභාවික පරිසරයට එකතුවීමෙන් සිදුවන හානිය පිළිබඳවත් දීර්ඝ ලෙස සළකා බැලීමෙන් පසු එම කමිටුව මෙම නිර්දේශය ලබා දුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ‍මාන්නප්පෙරුම පවසයි.

ලන්ච් ෂීට් භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 06ක සහන කාලයක් ලබාදීමට ද තීරණය කර තිබේ.

ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත එකතු කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නාට ම ලබාදිය යුතු බවට ද කාරක සභාව යෝජනා කර තිබේ.

ඒ අනුව බෙදාහරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරන්නේ ද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කිරීම ට ද යෝජිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!