spot_img
spot_imgspot_img

මහින්දයේ තොරතුරු සම්බන්ධයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය වැරදි උපදෙස් දෙයි

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියෙන් ඉල්ලන ලද තොරතුරු අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, සහ ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් වැයවන බැවින් ලබාදිය නොහැකි බවත් අවශ්‍යනම් එම විද්‍යාලයට ගොස් එම ලිපිගොනු පරීක්ෂා කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම්කළ නිලධාරීවරයා විසින් මෙම ලේඛකයාට 2023-11-17 වැනි දින දැනුම් දී තිබේ.

එම දැනුම් දීම සිදුකර ඇත්තේ 2016 අංක 12 දරණ තොරතුරු පනතට අනුව ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස මෙම ලේඛකයාට ඇති අයිතිවාසිකමට අනුව මහින්ද විද්‍යාලය වෙතින් ඉල්ලා සිටින ලද තොරතුරු නොලැබීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කරන ලද අභියාචනයකට පිළිතුරු වශයෙනි.

මෙම ලේඛකයා තොරතුරු ඉල්ලීමේ දී එම තොරතුරු විද්‍යුත් පිටපත් මගින් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර තොරතුරු ඉල්ලීමේ ලිපියේ පැහැදිලිව සඳහන් කර තිබුණේ තොරතුරු පනත අනුව නිශ්චිත ගාස්තුවක් ගෙවීමට තමන් කැමැත්ත ප්‍රකාශ කරන බවයි.

නමුත් මහින්ද විද්‍යාලයේ එම තොරතුරු ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කළෙමි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු පනත අනුව පුරවැසියාට ඇති අයිතිවාසිකම පිළිබඳ කිසිදු සැළකිල්ලක් නොදක්වමින් ලේඛන ලබාදිය නොහැකි බවත් තොරතුරු පනතේ 27(3)(අ)  වගන්තිය අනුව ලේඛන පරික්ෂා කරන ලෙසත් දැනුම් දී ඇත. ඒ සඳහා හේතු වශයෙන් දක්වා ඇත්තේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඉල්ලා ඇති බැවින් හා එම තොරතුරු ඡායා පිටපත් කිරීමේ දී අධික පිරිවැයක් හා ශ්‍රමයක් වැයවන බවයි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙම ලේඛකයා අදාල පිරිවැය දැරීමට එකඟ යැයි සඳහන් කර ඇති වගන්තිය අමතක කර දමා තොරතුරු ලබා නොදීමට පිඹුරුපත් සකසා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලද අභියාචනා අංක RTI/APP/2023/036 වෙත ලැබී ඇති පිළිතුර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් ඒ සම්බන්ධ අද (24) දිනයේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!