spot_img
spot_imgspot_img

වළවේ ගඟ පිටාර ගලයි. විපතට පත්වූවන් සොයා මෙහෙයුම්

පුවත්

විදෙස්

වලවේ ගඟ මේ වනවිට ස්ථාන කිහිපයකින්ම පිටාර ගලමින් තිබේ. අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර ඇති බැවින් මේ වනවිට වලවේ ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් තිබේ.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ප්‍රදේශ ගණනාවක මේ වනවිට ගංවතුර තත්වය හේතුවෙන් නිවාස ගනාවක් ජලයෙන්  යට වී ඇති අතර, අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලය ද ජලයෙන් යටවීම හේතුවෙන් වසා දමා ඇත.

අම්බලන්තොට වාදුරුප්ප,   ජන්සගම, මාමඩල, රිදියගම, බෝලාන, පුහුල්යාය ඇතුළු වලවේ ගඟේ දෙපස ඇති නිවාස බොහොමයක් ජලයෙන් යටවී ඇති අතර පීඩාවට පත්වූවන් කොපමණ ද යන්න මෙතෙක් ස්ථිර වශයෙන් ම වාර්තා වී නැතැයි ද හම්බන්තොට දිස්ත්‍රික් ආපදාකළමනාකරණ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!