spot_img
spot_imgspot_img

“රිච්මන්ඩ් තොරතුරු හොයන්නේ, බෙදුම්වාදීන්” – දේශපාලන හෙන්චයියෙක් කියයි

පුවත්

විදෙස්

රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘති සහ වාහන පිළිබඳ තොරතුරු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව ඉල්ලීම බෙදුම්වාදී ක්‍රියාවක් යැයි එම සංගමයේ හිටපු ලේකම්වරයකු යැයි කියාගන්නා කීර්ති පතිරණ නමැති පුද්ගලයකු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටියි.

ඔහු එම ප්‍රචාරය ගෙන යන්නේ rata.lk වෙබ් අඩවියට සහ එම තොරතුරු ඉල්ලා සිටි මෙම ලේඛකයාට එරෙහිව මතයක් ගොඩනගමිනි. ඔහු පවසා ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ තොරතුරු ඉල්ලීමෙන් මහින්ද රිච්මන්ඩ් පාසල් දෙක අතර ඇති සුහදතාව ද බිඳවැටෙන බවයි.  

මෙවැනි චෝදනාවක් නගන කීර්ති පතිරණ යනු ශ්‍රී ලංකා රජයේ කොටස් හිමි සමාගමක දේශපාලන පත්වීම් ලබා සිටින අයෙකි.

කීර්ති පතිරණ පවසන්නේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්තාව, විගණනය කරන ලද ගිනුම් වාර්තා වාර්ෂික මහ සභාවල දී සාමාජිකයන් වෙත යවා සභා සම්මත කරන බවයි. එමෙන් ම ගිනුම් වාර්තා පිළිගත් බාහිර විගණන ආයතනයකින් විගණනයට ලක්කරන බවත් මෙම තොරතුරු සෙවීමෙන් මහින්ද සහ රිච්මන්ඩ් සුහඳතාව අහිමිවන බවත් ඔහු පවසයි.

තොරතුරු ඉල්ලීමෙන් ඇතිවන බෙදුම්වාදය පිළිබඳ පාසල් දෙකේ ම ආදි සිසුන් දන්නා බැවින් මෙම තොරතුරු ඉල්ලීම බැහැර කරීම නිවැරදි බව ඔහු කියා සිටියි.

ඔහුගේ නමින් නිකුත් කළ ලිපිය පහතින් දක්වා ඇත. එම ලිපිය ඔහු විසින් ම ප්‍රචාරය කරන ලද්දක් දැයි විමසීම අප ඔහුට ඇමතුමක් ගත් අවස්ථාවේ අපට තර්ජනාන්විතව කතා කරමින් කියා සිටියේ එය ඔහුගේ සටහනක් බවයි. එමෙන්ම රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමයේ තොරතුරු ලබා නොදෙන බව ද ඔහු කීවේය. (එම හඬ පටය අප සතුව ඇත)

කීර්ති පතිරණ රජයේ කොටස් හිමි සමාගමකට දේශපාලන පත්වීමක් ලබාත් පුද්ගලයකු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු තමන්ගේ වත්කම් බැරකම් අදාළ ආයතනවලට හෙළිකළ යුතු අතර, ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට දිවුරා පොරොන්දු වී සිටින අයෙකි.

නමුත් ඔහු රිච්ම්න්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන් වෙත ලබා දී ඇති මූලික අයිතිවාසිකමක් අහිමිකිරීමට යෝජනා කරයි.

ශ්‍රී ලංකාවේ උත්තරීතර ම නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පසු, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි 14 (අ) ව්‍යවස්ථාව මගින් හඳුනාගත් කිසියම් සිමාවලට යටත්ව ‍තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිවාසිකම තහවරු කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිය ජනතාවගේ පරමාධිපත්‍ය බලතල ක්‍රියාවට නංවන රජයේත් පොදු ජන ජීවිතයට බලපෑමක් සිදුකරන පෞද්ගලික ආයතන ඇතුළු පොදු අධිිකාරීන්ගේත් විනිවිදභාවය හා වගවීම සහතික කිරීම වෙනුවෙන් ඉල්ලා සිටීම සඳහා පුරවැසියන් බලගන්වා ඇත. එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය අංගයක් වන පොදු ජන ජීවිතය සඳහා පුරවැසියන්ගේ පූර්ව ක්‍රියකාරී හා අර්ථාන්විත සහභාගීත්වය ඉහළ නැංවෙයි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන ව්‍යාපෘති, එකතුකරන මුදල් සහ ඔවුන්ගේ විගණන වාර්තාවල පිටපත් ඉල්ලූ විට තමන් පොදු අධිකාරියක් නොවේ යැයි පවසමින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එම සංගම‍යේ ලේකම්වරයාට හැකියාවක් නැත. ඔහුගේ එම තීරණය නම්කළ නිලධාරීට අභියාචනයක් ඉදිරිපත් කරමින් නැවත ඉල්ලා සිටීමට මෙම ලේඛකයාට හැකියාව ඇති අතර ඔහු ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම් තොරතුරු කොමිසමට පැමිණිල්ලක් කරමින් එම තීරණය අභියෝගයට ලක්කිරීමට ද ලේඛකයාට නීතිමය ප්‍රතිපාදන ලැබී ඇත.

2016 අංක 12 දරණ තොතුරු දැනගැනිමේ පනත යටතේ පනතේ 43(උ) වගන්තියට අනුව ආණ්ඩුව හෝ එහිි නියෝජ්‍යායතනයක හෝ පළාත් පාලන ආයතනයක ‍කොන්ත්‍රාත්තුවක්, හවුල් ව්‍යාපාරයක්, ගිවිසුමක් හෝ බලපත්‍රයක් යටතේ ව්‍යවස්ථාපපිත හෝ පොදු කර්තව්‍යයක් ඉටුකරන එහෙත් ඒ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයන්ගෙන් හෝ පොදු සේවාවන්ගෙන් ආවරණය වූ ක්‍රියාකාරකම් ප්‍රමාණයකට පමණක් සීමා වූ පෞද්ගලික හිමිකාරීත්වයක් හෝ සංවිධානයක් ද පොදු අධිකාරියක් වේ.

ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් යනු රජයේ නියාමනය යටතේ චක්‍රලේඛයක් මගින් ක්‍රියාත්මක වන්නකි. ඒවායේ සභාපතිවරයා වන්නේ ද විදුහල්පතිවරයා ය. රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ පැරණිම පාසල් ආදි ශිෂ්‍ය සංගම් කිහිපය අතරින් එකකි. එය ඉතිහාසයේ පටන් මේ දක්වා ම පාසලේ සහ පාසල් සිසුන්ගේ උන්නතිය සහ ප්‍රගමනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘතීන් සිදුකරයි. එමෙන් ම ආදි ශිෂ්‍ය සංගමයේ කාර්යාලයීය ලිපිනය පවා දැක්වෙන්නේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශාලාව, රිච්මන්ඩ් විද්‍යාලයය යනුවෙනි. මේ සියලු කරුණු අනුව එම ආදි ශිෂ්‍ය සංගමය පොදු අධිකාරියක් වෙයි.

ඒ අනුව තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එහි ලේකම්වරයාට නොහැකි බවත් එම සංගමයේ නම්කළ නිලධාරීවරයා වන්නේ විදුහල්පතිවරයා බැවින් අභියාචනය විදුහල්පතිවරයා වෙත යොමුකර ඊට ද යහපත් පිළිතුරක් නොලැබෙන්නේ නම් තොරතුරු කොමිසම වෙත පැමිණිලි කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු මධ්‍යස්ථානය විසින් මෙම ලේඛකයා දැනුම්වත් කර ඇත.

ඒ අනුව අපි ක්‍රියාත්මක වීමු.

කෙසේ වෙතත් රජයේ කොටස් හිමි සමාගමකට දේශපාලන පත්වීමක් ලබාගෙන රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරයා ලෙස පෙනී සිටින කීර්ති පතිරණ නැමැත්තාගේ පත්වීමේ නීත්‍යානුකූල භාවය, ඔහුගේ වත්කම් බැරකම් සහ ඔහුගේ කාර්ය භාරය පිළිබඳව ද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත හැකි තොරතුරු ලබාගැනීමට ද අපි තීරණය කළෙමු.

කීර්ති පතිරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!