spot_img
spot_imgspot_img

ලබාදුන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

පුවත්

විදෙස්

ශිෂ්‍යත්ව විභාගයේ නැවත ප්‍රතිඵල පරීක්ෂණය සඳහා අයදුම් කිරීම නොවැම්බර් 27 සිට දෙසැම්බර් 04 වැනි දා අතර කාලයේ දී ඔන්ලයින් ක්‍රමයට කළ යුතුයැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර එවුන්ගෙන් 50,664ක් කඩඉම් ලකුණු මට්ටමට ඉහළ සාමාර්ථයක් ලබා ඇතැයි ද වාර්තා වේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී විශේෂත්වයක් වන්නේ දිස්ත්‍රික් ම‍ට්ටම හෝ සමස්ත ලංකා මට්ටම ලබා නොදීමයි. ඒ අනුව ඉහළම දක්ෂතා දැක්වූ ළමයින් ලෙස කිසිවෙකු හඳුන්වාදීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එමෙන්ම, ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණුද මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 154ක් වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණු සීමාව 150ක් වන අතර පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල එම සීමාව ලකුණු 149කි.

අම්පාර, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 148ක් වන අතර වවුනියා, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 145ක් ලෙසයි.

යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 145ක් වන අතර කිළිනොච්චි දිස්ත්‍රික්කයේ එම සීමාව ලකුණු 144කි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව ලකුණු 147ක් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!