spot_img
spot_imgspot_img

මාලිංගගේ ලෝක වාර්තාවටත් අභියෝගයක්

පුවත්

විදෙස්

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක දී පිට පිට ම පන්දු හතරක දී කඩුළු 04ක් දවාගෙන එවැනි දස්කමක් කළ පළමු පන්දුයවන්නා වූ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගගේ වාර්තාව යම් දිනක බිඳ වැටෙනු ඇති බවට ඉඟි පහළ වෙමින් පවතී.

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් ගෝස්ට් හි කැරාරා ප්‍රදේශයේ පැවැති ලීග් ක්‍රිකට් තරඟයක දී එකම පන්දු ඕවරයක දී යැවූ පන්දු 06කින් කඩුලු 06ක් දවා ගැනීමට පන්දු යවන්නකු සමත් වී තිබේ. මෙවැනි දස්කමක් වෙනත් කිසිම අවස්ථාවක වාර්තා වී නැත.

ලසිත් මාලිංග ජාත්‍යන්තර තරගවල දී තැබූ වාර්තාව මෙම දස්කම හේතුවෙන් බිඳ වැටුණේ නැතත්, අනාගතයේ යම් දිනක එම වාර්තාවත් බිඳ වැටීමට ඉඩ ඇති බව මේ අනුව ක්‍රීඩා විචාරකයෝ කියති.

Surfers Paradise ක්‍රිකට් සමාජය සහ Mudgeeraba ක්‍රිකට් සමාජය අතර පැවති එම තෙවැනි පෙළ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම ලකුණු 178ක් රැස්කළේය.

ඒ අනුව තරගයේ අවසාන ඕවරයේ දී Surfers Paradise කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 5කි. ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 6ක් ම ඉතිරිව තිබුණි.

Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan එම පන්දු ඕවරය යැවීමට තීරණය කළේය.

ඔහු එහිදී සිදුවූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයකි.

එනම් එම ඕවරය තුළදී ප්‍රතිවාදී කඩුලු 6ම දවා ගැනීමට ඔහු සමත්වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!