spot_img
spot_imgspot_img

අයවැය යෝජනා මෙන්න

පුවත්

විදෙස්

2024 සඳහා වූ අයවැය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේය.

එහි දී පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර ඇත.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය හෙට (14) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

*ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත සුළු සහ මධ්‍ය පරිමාණ සැකසුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහ සුදුසු වැඩසටහන් දියත් කිරීමට රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.

*ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉඩම් අක්කර 600ක් වෙන් කෙරේ.

*පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක්. වසර 03ක ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ.

*කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර. මේ සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 03ක මුදලක් වෙන් කෙරේ.

*රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදැ ගැනීමේ වැඩපිළිවෙළක්. ඒ සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කෙරේ.

*විදේශ වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපොළ බද්ද ඇතුළු තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට පියවර ගන්නවා.

*යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.

*හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය, මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කෙරේ.

*නව ආයෝජන නීතියක්. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතියක් හඳුන්වාදෙනවා.

*නව ඉඩම් නීතියක් හඳුන්වා දෙනවා.

*නව නීති සහ යල්පැන ගිය නීති සඳහා සංශෝධන.

*ඒ අනුව නව නීති හා සංශෝධන නීති 60ක් හඳුන්වා දෙනවා.

*ආදායම් පරිපාලන ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා.

*ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900 සිට රුපියල් බිලියන 7,350ක් දක්වා රුපියල් බිලියන 3,450කින් වැඩි කිරීමට යෝජනා කරයි.

*විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා රුපියල් බිලියල 3,000ක් වෙන් කෙරේ.

*ශ්‍රී ලංකා රාජ්‍ය ණය 2022 වසරේ දී 128% සිට 2023 වසරේ දී 95%ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරේ.

*විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසු ව මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටස චීනය සමඟ එක් වී ආරම්භ කරනවා.

*අයවැය මුදල් විදයම් කිරීමේ දී පළාත් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතුය.

*පළාත් සභා ආදායම්, පළාතේ සංවර්ධනය සඳහා යොදාගැනීමට යෝජනා.

*බස්නාහිර විදුලි බස් රථ 200ක් ධාවනය කිරීමේ ව්‍යාපෘතියක්.

*පිටකොටුව, ගාල්ල, මාතර, මහනුවර ආදී නගර පදනම් කරගෙන දුම්රිය ස්ථාන නගර ස්ථාපනය කිරීමට යෝජනා කැඳවනවා.

*රටේ සංස්කෘතිය පෝෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්.

*ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවනවා.

*මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට පියවර. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

*පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කෙරේ.

*යාපනයේ පානීය ජල ප්‍රශ්නයට ජල ව්‍යාපෘතියක්.

*පූනරීන් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක්.

*කොළඹ වතු නිවාස ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට නව ව්‍යාපෘතියක්.

*කාන්තා සවිබලගැන්වීම සඳහා නව නීති.

*තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට රුපියල් මිලියන 300ක්.

*උතුරු නැගෙනහිර නැවත පදිංචිකිරීම් සඳහා මිලියන 2,000ක්.

*අතුරුදන් වූවන් සඳහා වන්දි.

*ධීවර වරායන් සඳහා පෞද්ගලික අංශය සමඟ කළමනාකාරිත්වයක් ඇති කරනවා.

*කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ගොවි කමිටු වෙත පවරනවා.

*රටේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 20ක් දක්වා වැඩිකිරීමේ වැඩපිළිවෙළක්.

*කොළඹ වතු ජනතාවට නව නිවාස ලබා දී එම ඉඩම් විවිධ ඉදිකිරීම් සඳහා යොදාගැනේ.

*එම ජනතාවගේ ඉල්ලීම් පරිදි නිවාස ලබාදීමට පියවර.

*වෛද්‍ය හා සෞඛ්‍ය පරීක්ෂණ ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක්.

*සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට මුදල්.

*බදුල්ලට හෘද පෙණහලු පුනර්ජීවන ඒකකයක්.

*වෛද්‍ය වෘත්තීයභාවය වැඩිදියුණු කිරීමට වැඩපිළිවෙළක්.

*දේශීය වෛද්‍ය සහ ආයුර්වේද අංශය ශක්තිමත් කිරීමට අයවැය තුළින් යෝජනා.

*ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය

*වගා නොකරන කුඹුරු වෙනත් වගා කටයුතු සඳහා අවස්ථාව. ඊට තිබෙන නීතිමය බාධා ඉවත් කිරීමට කටයුතු කරනවා.

*වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා 09 වෙත පැවරීමට යෝජනා කෙරේ.

*තොරතුරු තාක්ෂණය උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක්.

*සරසවි වරම් නොලබන අයට දේශීය සහ විදේශීය රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක්. පුහුණු පාඨමාලා වැඩිදියුණු කෙරේ.

*ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව සඳහා පුළුල් වැඩපිළිවෙළක්.

*සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය යළිත් ආරම්භ කෙරෙයි.

*රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වැඩිදියුණු කරනවා. එම වැඩපිළිවෙළ පේරාදෙණිය සරසවියෙන් ආරම්භ කරනවා.

*රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති ගේනවා.

*පෞද්ගලික බැංකු හරහා සිසුන්ට සහන ණය යෝජනා ක්‍රමයක්. රැකියාවක් ලැබුණු පසු ආපසු ගෙවන්න අවස්ථාව.

*උසස් පෙළ සමත් දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක්.

*නව තාක්ෂණික විශ්වවිද්‍යාල 04ක් පිහිටුවනවා.

*පෞද්ගලික අංශයටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලැබෙනවා.

*ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 10ක් වෙන් කෙරේ.

*පාලම් ඉදිකිරීම් සඳහා මිලියන 2,000ක් වෙන් කෙරේ.

*අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා විද්වතුන් 25ක් පත් කළා.

*2024 වසරේ සිට ක්‍රමාණුකූලව ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදෙනවා.

*විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබාදී තිබෙනවා. රුපියල් 3,000ක පමණ මාසික කුලියක් ඒ පවුල්වලින් ලබාගන්නවා. මෙම පවුල්වලින් කුලී අය කරගැනීම සම්පූර්ණයෙන් නවත්වනවා. ඒ නිවාසවල පූර්ණ අයිතිය ඒ පවුල්වලට ලබාදීමට ක්‍රියා කරනවා.

*වතු ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙනවා.

*2024 වසරේ සිට ක්‍රමාණුකූලව ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදෙනවා.

*සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහනදායි ණය

*වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා 2024 අප්‍රේල් සිට සියලුම සේවා අංශවල වැටුපෙන් අඩුකරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.

*රාජ්‍ය සේවකයන්ට ජනවාරි සිට ආපදා ණය ලැබෙනවා.

*ආබාධිත, වකුගඩු දීමනාව 7,500ක් දක්වා වැඩිකිරීමට යෝජනා කරනවා.

*මාස 06කට වරක් අස්වැසුම ප්‍රතිලාභින් සමාලෝචනයකට ලක්කරනවා.

*ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට පුරුදු පරිදි ආපදා ණය ලබාදෙනවා.

*රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025ක් දක්වා රුපියල් 2,500කින් වැඩි කෙරේ. 2024 අප්‍රේල් සිය ක්‍රිකයාත්මක වෙනවා. 

*රාජ්‍ය සේවකයින් සඳහා 2024 ජනවාරි සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක්. අප්‍රේල් සිට එය වැටුපට එකතු කෙරේ. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල බලන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස 06ක් තුළ ලබාදීමට පියවර.

_________________________________________________________________________

* මේ අයවැය මැතිවරණ අයවැයක් කියා ඇතැමුන් හඳුන්වනවා. මේ අයවැය වෙනස්. මේක රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්.

*විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා දැන් වැඩිවී තිබෙනවා.

*මේ වසරේ අපේ ඉලක්කගත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,415යි. නමුත් උපයා ගත්තේ රුපියල් බිලියන 2,410යි.

*රාජ්‍ය අංශයේ ශ්‍රම බළකාය මිලියන 1.3යි.

* බදු ක්‍රමයේ වෙනසක් සිදුකළ යුතුයි.

*පඩි වැඩිකිරීම හිතුමතේ කරන්න බැහැ.

*මුලික වියදම් තුනක් සඳහා රජය මාසිකව රුපියල් බිලියන 383ක් වෙන් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

*2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 93ක්, අස්වැසුම, ඖෂධ සහ විශ්‍රාම ගෙවීම සඳහා බිලියන 30ක් සහ ණය ගෙවීම් සඳහා රුපියල් බිලියන 220ක් මාසිකව වෙන් කෙරෙන බවයි.

*රාජ්‍ය සේවයට පඩි වැඩිකරන්න බදු ආදායම 35%ක් වැය වෙනවා.

*වැටුප් වැඩිකිරීමට නම් රජයේ ආදායම වැඩි කර ගත යුතුයි.

*පීලි පැනපු ආර්ථිකය යළි පීලි මත තැබුවා.

*දුෂ්කර කාලය ගෙවා දැමුවොත් සුන්දර කාලය උදා වෙයි.

*පසුගිය වසරට වඩා අද ආර්ථිකය යහපත්

* ණය ගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බව බුදුන් වහන්සේත් පෙන්වා දී තිබෙනවා.

*මේ සංකල්පය ඔස්සේ අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්.

*සුරංගනා කතාවලින්, සිහින මාළිගාවලින් රටක් දියුණු කරන්න බැහැ. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරිපිට සනාථ වුණා.

*දේශපාලනය වෙනුවෙන් මිත්‍යාව පතුරවන්න එපා යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!