spot_img
spot_imgspot_img

අම්පිටියේ සුමන, ICCPR පනත අනුව අත්අඩංගුවට ගන්න යැයි පැමිණිල්ලක්

පුවත්

විදෙස්

භික්ෂුවක් ලෙස, මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ සිටිමින් ජාතීවාදී අදහස් ප්‍රකාශ කරමින් වෙනත් ජාතීන් වෙත වෛරය ඇතිකරන ප්‍රකාශ නිකුත් කරන අම්පිටියේ සුමන ට එරෙහිව අද (05) පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට පැමිණිල්ලක් ගොනු කෙරිණි. ‍

මෙම පැමිණිල්ල සිදුකරන ලද්දේ ගිගුම්වඩුගේ විමලබුද්ධි නමැති භික්ෂුවක් විසිනි. පැමිණිල්ල සිදුකරන අවස්ථාව සඳහා නීතිඥ උදුල් ප්‍රේමරත්න ද පැමිණ සිටියේය.

පැමිණිලිකරුවන් කියා සිටියේ අම්පිටියේ සුමන බෞද්ධ ආගමට ප්‍රතිවිරුද්ධව කටයුතු කරමින් සිදුකරන ප්‍රචාර සහ සමාජ මාධ්‍යවල එම ප්‍රකාශ පළකිරීමෙන් ජාතිවාදී අර්බුද ඇතිකරන බවයි. එම ආවේගශීලී ප්‍රකාශ සහ උද්වේගකර අයුරින් හැසිරීම හේතුවෙන් වර්ගවාදී අර්බුදයක් ඇතිවිය හැකි බැවින් 207 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත (ICCPR) අනුව කටයුතු කිරීම අවශ්‍ය බවයි.

කිසිම පුද්ගලයෙක්, යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීමට හේතුවන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය ඇති නොකළ යුතුයැයි එම පනතේ සඳහන් වන අතර එය පැමිණිල්ලක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති සංඥය වරදක් ද වෙයි. එමෙන් ම ඇප ‍ලබා නොදෙන වරදක් ලෙස ද සැළකේ.

එම වරද කර ඇතැයි සැළකෙන වෙනත් පුද්ගලයන් පොලිසිය මගින් විවිධ අවස්ථාවල දී අත්අඩංගුවට ගෙන ඇතත් එම වරදම සිදුකරන අම්පිටියේ සුමන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකිරීම පිළිබඳ බරපතල සැකයක් ඇති බව ද නීතිඥ උදුල ප්‍රේමරත්න පෙන්වා දුන්නේය.

නැගෙනහිර පළාත තුළ ඇති ඉඩම් සම්බන්ධයෙන් මෙම ගැටලුව නිර්මාණය කර ඇති බවත්,  පාර්ලිමේන්තු ම්නත්‍රීවරයකු ද ඊට මැදිහත් වී එක් ජනවර්ගයකට පමණක් ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා බලහත්කාරීත්වයක් යොදන බව නිරීක්ෂණය වන්නේ යැයි ද පැමිණිලිකරුවන් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ මෙම සිදුවීම පිටුපස ජාතිවාදය ඇතිකර කිසියම් වාසියක් ලබාගැනීමට බලාපොරොත්තුවන කල්ලියක් සිටින්නේ ද යන්න පිළිබඳව ද විමර්ශනය කළ යුතු බවයි.  

1 COMMENT

  1. මෙ හාමුදුරුවො මොකද්ද කරපු වරද? ඔගොල්ලො හරි වැරදි තොරන ක්‍රමය හරිද? මෙ අපිට නිවන් යන්න තියෙන රටනෙ ඇයි මෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!