spot_img
spot_imgspot_img

නාමල් රාජපක්ෂගේ, තවත් විදුලි බිිලක් ගෙවා නැතැයි චෝදනාවක් ?

පුවත්

විදෙස්

නාමල් රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය තාරුණ්‍යයට හෙටක් පදනම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් 1,122,889.14ක විදුලි බිලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසයි

2014 වර්ෂයේ දී තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් හම්බන්තොට පැවැත් වූ පොසොන් කලාපයට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලබාගත් ජෙනරේටර් සඳහා එම මුදල් ගෙවීමට ඇත.

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසන්නේ ,මෙම පොසොන් කලාපයට ලංවිමෙන් 380KVA විදුලිජනක යන්ත්‍ර 2ක්, 350KVA විදුලිජනක යන්ත්‍රයක්, 300KVA විදුලිජනක යන්ත්‍ර 2ක් හා 250KVA විදුලිජනක යන්ත්‍ර 2ක් කුලී පදනම මත ලබා ගෙන තිබෙන බවයි.

එම පොසොන් කලාපයට අදාළව WAS/PP/TCN/01 හා 2014.05.29 දින රුපියල් 1,522,889.14ක ඇස්තමේන්තුවට අනුව තාරුණ්‍යයට හෙටක් පදනම විසින් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 400,000.00ක් ලංකා විදුලි බල මණ්ඩල වෙත ගෙවා තිබෙන බව ද වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

2019 මාර්තු 25 දින ලංවිම විසින් ලිපියක් මගින් ඉතිරි හිඟ මුදල වන රුපියල් 1,122,889.14 ගෙවන ලෙස තාරුණ්‍යයට හෙටක් පදනම සංවිධානය දැනුම් දී තිබේ.

විදුලිජනක යන්ත්‍ර කුලී පදනම මත ලබා ගැනීම වෙනුවෙන් ලංවිමට අයවිය යුතු රුපියල් 1,122,889.14ක මුදල නොගෙවා ඇති බව දන්වා ලංවිම නීති නිලධාරිවරයා විසින් 2018 මැයි 31 වන දින එන්තරවාසියක් ද යොමුකර ඇත. එම එන්තරවාසියේ සඳහන් වන්නේ එම මුදල නොගෙවුවහොත් මුදල අයකරගැනීම වෙනුවේන නඩු පවරන බවයි.

නමුත් මේ වනතුරු එම හිඟ මුදල ගෙවා නැතැයි ද, නඩු පැවරීමේ ක්‍රියාදාමය ඉදිරියට ගොස් නැතැයි ද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!