spot_img
spot_imgspot_img

ඉන්දියා, ඇමරිකා විරෝධය මැද චීන නෞකාව කොළඹ වරා‍යට

පුවත්

විදෙස්

චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යෑන් 6 මේ වනවිට කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ නෞකාවට, ඔක්තෝබර් 25 වනදා සිට 28 වනදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලෑම සඳහා අවසර ලබාදී ඇති බවයි.

නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා මෙම අවසරය ලබාදුන් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. කෙසේවුවද අමාත්‍යාංශය පවසන්නේ නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන කාලය හෝ එහි ඉදිරි සැලසුම් සම්බන්දව හෝ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ එක්ව සමුද්‍ර පර්යේෂණ කටයුතු සඳහා චීන පර්යේෂණ නෞකාවක් ඔක්තෝම්බර් මාසයේදී පැමිණීමට නියමිත බව අගෝස්තු මාසයේදී රජය නිවේදනය කර තිබිණි.

Shi Yan 6 යාත්‍රාවේ සම්ප්‍රාප්තිය සිදු වූයේ පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් පසුවය.

ආරංචි මාර්ග වලට අනුව, ඉන්දියාව විසින් මතු කරන ලද ආරක්ෂක ගැටළු හේතුවෙන් Shi Yan 6 පැමිණීම සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දීම ප්‍රමාද කරමින් සිටියේය. 

චීන පර්යේෂණ නෞකාව දිවයිනට පැමිණීමට නියමිතව තිබීම පිළිබඳව ඇමරිකාව ද පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට කනස්සල්ල පළ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි හමුවූ එක්සත් ජනපද උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ‘SHI YAN 6’ සංචාරය පිළිබඳව කනස්සල්ල පළ කර තිබූ බව වාර්තා වේ.

මෙම වසරේ අගෝස්තු මාසයේදී චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාවට අයත් HAI YANG 24 HAO යුද නෞකාව දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. මීටර 129ක් දිග නෞකාවේ පැමිණීම ඉන්දියාව විසින් මතු කරන ලද කනස්සල්ල හේතුවෙන් ප්‍රමාද වූ බව වාර්තා විය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණි චීන බැලස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාව වන ‘යුවාන් වැන්ග් 5’ ද ඉන්දියාවෙන් මෙවැනිම ප්‍රබල විරෝධයක් මතු කළේය.

මුදල් හිඟ ශ්‍රී ලංකාව සිය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කර්තව්‍යයේ දී ඉන්දියාව සහ චීනය යන දෙකම එක හා සමානව වැදගත් හවුල්කරුවන් ලෙස සලකයි. චීනය ශ්‍රී ලංකාවට ණය දෙන ප්‍රමුඛයෙකි. ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 3ක් ඇතුළුව ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1ක් ණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!