spot_img
spot_img

සමූහ වෙඩිතැබීමකින් 22දෙනකු මරුට

පුවත්

විදෙස්

ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් හි සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ අවන්හලක සහ පන්දු යැවීමේ මන්තීරුවක සිදුවූ වෙඩි තැබීම් වලින් මෙම පිරිස මියගොස් ඇති බවයි.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් 40 හැවිරිදි රොබට් ආර් කාඩ් නැමැති පුද්ගලයෙකු සම්බන්දව විමර්ශන සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

සැකකාර රොබට් කාඩ්, මේන් හි සැකෝ නගරයේ එක්සත් ජනපද හමුදාව විසින් පුහුණු කරන ලද ගිනි අවි උපදේශකයෙකි.

ඔහු 2023 ගිම්හානයේදී මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිටි බවත් කඳවුරට වෙඩි තබන බවට තර්ජනය කළ බවත් පැවසෙයි.

පොලිසිය විසින් සැකකරුවෙකුගේ පින්තූර දෙකක් නිකුත් කර ඇති අතර, තවදුරටත් නිදැල්ලේ සිටින මොහු හඳුනා ගැනීමට මහජනතාවගේ සහාය ඉල්ලා සිටියේය.

ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබේ. නගරයේ රජයේ කාර්යාල සහ පාසැල් වසා දමා ඇති අතර පදිංචිකරුවන්ය නිවෙස් වලට වී දොරවල් අගුළු දමාගෙන සිටින ලෙස උපදෙස් දී තිබේ.

https://www.reuters.com/world/us/active-shooter-reported-maine-suspect-large-officials-2023-10-26/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!