spot_img
spot_imgspot_img

ගාල්ලේ පාසල් දැරියන් රැසකට අතවර කළැයි සැක, නියෝජ්‍ය විදුහල්පතිවරයකුට ඇප

පුවත්

විදෙස්

ගාල්ල පිලානේ ප්‍රාථමික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු එම පාසලේ සිසුවියන් පිරිසක් අපයෝජනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ වයස අවුරුදු 58ක් වූ ගුරුවරයෙකි.

ඔහු පාසලේ දැරියන් කිහිප දෙනකු වරින් වර අපයෝජනය කරන බව දෙමාපියන් විසින් විදුහල්පතිවරයාට දැනුම් දුන්න ද විදුහල්පතිවරයා එම කරුණු යටපත් කරමින් සිද්ධීන් කිහිපයක් ම සමථයකට පත්කිරීමට උත්සාහ ගෙන තිබිණි. පොලිසියට කරන ලද පැමිණිලි ද එලෙස යටපත් කළ බව දෙමාපියෝ චෝදනා කරති.

පසුගිය දා දෙමාපියන් පිරිසක් එම විදුහල වටලා මෙම ගුරුවරයාට එරෙහිව නීතිය ක්‍රියාමක කළ යුතු යැයි දැඩි විරෝධතාවක් දැක්වීමෙන් පසු සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පාසලෙන් පළාගොස් සිය ගම් ප්‍රදේශය වූ නෙළුවේ සැඟවී සිට ඇත. පසුව හබරාදුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන්ගෙන් මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ ක්‍රියාවන් පිළිබඳ විමසූ විට එම දැරියන් බහුතරයක් පවසන්නේ ඔහු තමන් ලැජ්ජාවට පත්වන ක්‍රියාවල නිරත වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!